29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු පැතිරීමේ වර්ධනයක්

ඩෙංගු පැතිරීමේ වර්ධනයක්

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවයි.

අධික වර්ෂාව පහව යනවිට බොහෝ ස්ථානවල වැසි ජලය එක්රැස් වී ඩෙංගු මදුරුවන් බෝවන අතර එසේ වුවහොත් ඉදිරියේදී එය වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

විශේෂයෙන් මේ දිනවල දින තුනකට වඩා උණ රෝගය පවතින්නේ නම් රුධිර පරික්ෂාවක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වී තිබේ.