28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදළඳා මාළිගාවේ ඇත් පන්තියේ වෙදැදුරු සීතා බලන්න එයි

දළඳා මාළිගාවේ ඇත් පන්තියේ වෙදැදුරු සීතා බලන්න එයි

පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්න නිරීක්ෂණය සහ ප්‍රතිකාර සඳහා මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයා වන තරිදු විජේකෝන් ඊයේ (01) රාත්‍රියේ පැමිණ තිබෙනවා.

එහිදී ඔහු විසින් ඇතින්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සිදුකරනු ලැබුවා.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පසු ඇතින්න පරීක්ෂා කරනු ලැබූ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ලගේ නිර්දේශය අනුව මේ වන විට ඇතින්න සඳහා විශේෂ ලී අට්ටාලයක් නිර්මාණය කර ඒ තුළ ගාල් කර සිටිනවා.

මහියංගණ ඇසළ පෙරහැරට සහභාගී වූ මහරගම සීතා ඇතින්නට වන අලියෙකු යැයි සිතා මහියංගණයේදී පසුගිය 30 වනදා අලුයම 3.30ට පමණ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිළධාරියෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබුවා.