29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසනවා

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥවරයෙකු මගින් පොලිසියට භාරවීමෙන් අනතුරුවය. අත්අඩංගුවට ගත් 49 හැවිරිදි සැකකරු 17 හැවිරිදි දියණියක සිටින තැනැත්තෙකු බව පොලීසිය කියයි.

අතවරයට පත් දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබෙන අතර දැරියට ගුරුවරයාගෙන් අතවරයක් සිදු වනවාදැයි හොර රහසේ සොයා බැලීම සඳහා අනවසරයෙන් විද්‍යාල භූමියට ඇතුළු වී පංති කාමරය තුළ සීසීටීවී කැමරා සවි කළ බව කියන දැරියගේ මව සහ සියා ද විදුහල්පතිවරයාගෙන් ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර ඇප මත මුදා හැරිය බව බව පොලිසිය පවසයි.

ලිංගික අතවරයට පත් දැරියගේ මව විසින් ළමා ආරක්ෂණ අධිකාරියට ඉකුත් මස 25 වැනි දින කරන ලද පැමිණිල්ලකට අදාළව ඉංගිරිය පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පැමිණිලිකාරිය සහ වින්දිත දැරිය ඊට පසු දින ඉංගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

ශිෂ්‍යත්ව අමතර පන්ති පාසල් වේලාවෙන් පසුව සවස් කාලයේ සිදු කරන අවස්ථාවලදී එම සැකකාර ගුරුවරයා තමන් හැද සිටින නිල ඇඳුම උඩින් පපු ප්‍රදේශය සහ ලිංගික ප්‍රදේශය ස්පර්ශ කරන බවත් දැරිය ප්‍රකාශයක් ලබාදෙමින් එහිදී පොලීසියට පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පෝරුවදණ්ඩ අරුණ ගම පදිංචිකරුවෙකි

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය