29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ නැහැ

පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ නැහැ

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළා.

මෙලෙස මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දැමීම තුළින් තමන් දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළ ද මෙවර පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන බවයි.

ඔවුන් පවසන්නේ මෙලෙස ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් මාස 06කට පමණ කාලයක් කිසියම් වැඩපිළිවෙලක් සකස්කර අවබෝධතා ගිවිසුමක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවයි.