25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැනවූ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

පැනවූ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගංගා කිහිපයකට පැනවූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව නිල්වලා ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔය ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අදාළ ගංගා ආශ්‍රිතව පදිංචිකරුවන්ට සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

පසුගිය පැය 24 තුළ එම ගංගාවල වර්ෂාපතනයේ තරමක අඩුවීමක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.