23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබිරිඳගේ අනියම් පෙමට කුපිත වූ සැමියා කළ අපරාධය

බිරිඳගේ අනියම් පෙමට කුපිත වූ සැමියා කළ අපරාධය

බිරිඳ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධයක් හේතුවෙන් කෝපයට පත් සැමියා පිහියකින් ඇන බිරිඳ ඝාතනය කර ඇති බව වැල්ලව පොලීසිය පවසයි.

වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් මරළුවාව බාබර්වත්ත පදිංචිව සිටි අමාලී දිනූෂිකා නමැති 35 හැවිරිදි තරුණ දෙදරු මවක් ඊයේ (02) පෙරවරුවේ එලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

සැකකාර සැමියා මැද පෙරදිග රටක සේවය කර මීට මාස කීපයකට පමණ ඉහතදී ආපසු මෙරටට පැමිණ ඇති බවද ඔහු විදෙස්ගතව සිටි කාලයේදී බිරිඳ ව්‍යාපාරිකයෙකු සමඟ පවත්වාගෙන ගිය බව කියන අනියම් සබඳතාවක් මෙම ඝාතනයට හේතුවවී ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මේ අනියම් සබඳතාවය පිළිබඳව අඹුසැමි යුවළ අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමකින් පසුව සැමියා බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවද පොලීසිය සඳහන් කළේය. එළවළු කැපීමට ගන්නා නිවසේ තිබූ කුඩා පිහියකින් මෙම ඝාතනය කර තිබූ බවද සදහන්.

පිහි ඇනුමට ලක්වූ කාන්තාව බරපතළ තුවාල ලබා නිවස තුළ වැටී සිටියදී සැකකාර සැමියා සහ අනියම් සැමියා එක්ව ඇය ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූණද ඒවනවිටද ඇය මරණයට පත්ව තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ඒකකය මඟින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලව පොලීසියට බාරදී ඇත.