26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් මහේස්ත්‍රාත් රට හැරයාම ගැන විමර්ශනයක්

මුලතිව් මහේස්ත්‍රාත් රට හැරයාම ගැන විමර්ශනයක්

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී.සරවනරාජා සේවයෙන් ඉවත්ව රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නියෝගය නිකුත්කරනු ලැබුවා.

මරණ තර්ජන සහ බලපෑම් ඇති බව පවසමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා පසුගිය 23 වනදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමුකර තිබුණා.

අනතුරුව ඔහු ඊට පසුදින එනම් 24 වනදා විදේශ ගතව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. විදෙස්ගත වීමට පෙර ඔහු සිය මෝටර් රථයද විකුණා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.