27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsCEYPETCO ඉන්ධන මිලත් ඉහළට

CEYPETCO ඉන්ධන මිලත් ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365.00ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420.00ක් ලෙස දැක්වෙනවා. සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351.00ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 421.00ක්. මේ අතර ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා ලංකා IOC සමාගම වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ගණන් සම මට්ටමේ පවතිනවා.