― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොළඹ මූල්‍ය නගරයේ පළමු ආයෝජකයා දිවයිනට

කොළඹ මූල්‍ය නගරයේ පළමු ආයෝජකයා දිවයිනට

‘පෝර්ට් සිටි’ ආයෝජන ව්‍යාපෘතිය පසුගියදා ඩුබායි හි පැවති උත්සවයක දී ‘කොළඹ මූල්‍ය නගරය’ ලෙස යළිත් නම් කිරීමෙන් පසු, එහි ආයෝජනය කිරීම සඳහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන් සිව්දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා.

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art (Beijin) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ඇතුළු තවත් සාමාජිකයින් තිදෙනකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පසුගිය දා චීනයේ සිදුකළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් එකඟතා සහ ගිවිසුම් ගතවීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණා.

මොවුන් පළමුව ‘කොළඹ මූල්‍ය නගරයේ’ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මැණික් කෞතුකාගාරයක්, එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබෙනවා.

මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07ක කාලයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබාදීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මේ වනවිට සම්පාදනය කර ඇති බව සඳහන්.

මෙම ආයෝජකයන් පිරිස ඊයේ (02) දින රාත්‍රී 08.30ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යු .- 713 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝජ් කසීර්, එම මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි ඇතුළු පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.