― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට විශේෂ කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට විශේෂ කමිටුවක්

මෙරට දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා ළමා පොලිස් ඒකකය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සැදුම්ලත් මෙම විශේෂ කමිටුව සම්බන්ධීකරණය කිරීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරිණි.

රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබිණි.

මේ වන විට දරුවන් ලෙස සිගමනට යොදා ගැනිම ව්‍යාපාරයක් බවට පත්වීම සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, සිඟමන් යැදිම සඳහා දරුවන් යොදා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතා අවධාරණය කළේය.

පසුගිය සැප්තැම්බර් 5 වැනිදා සිට 8 වැනිදා දක්වා මහ නගර සභා 24 ක් සහ නගර සභා 41ක් ආවරණය වන පරිදි නගර ආශ්‍රිතව යාචකයින් පිළිබඳ සමීක්ෂණයක් සිදුකළ බව ජාතික සමාජ සංවර්ධන ආයතනය පෙන්වා දුන්නේය. මෙම සමීක්ෂණයේ දත්ත සටහන් කරමින් පවතින අතර මේ වන විට වාර්තා වී ඇති දත්තවලට අනුව යාචකයින් 3000 ත් 4000 ත් අතර සංඛ්‍යාවක් අදාළ ප්‍රදේශවල සිටින බව නිලධාරීහු පෙන්වා දුන්හ. එම දත්ත සටහන් සම්පූර්ණ කළ පසු සිඟමන් සඳහා භාවිතා කරන වයස අවුරුදු දහඅටට අඩු ළමුන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බව ඔවුහු පැවසූහ.

උක්ත සමීක්ෂණයේ වාර්තාව පිහිටුවනු ලබන විශේෂ කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරිය විසින් අදාළ නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නාය. එසේම, මුළු රටම ආවරණය වන පරිදි සමීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරු අවධාරණය කළහ.

මෙහිදි අමාත්‍යවරිය නව කමිටුව වෙත දැනුම් දුන්නේ ළමයින් සිඟමනට යෙදවීම වැළැක්වීමේ යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙස හා එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් නීති සංශෝධන ගෙන ඒමටද මැදිහත් වීමට තම අමාත්‍යාංශය සූදානම් බවයි.