― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනාමල්ගේ ලක්ෂ 26 විදුලි බිල සනත් නිශාන්ත ගෙවයි

නාමල්ගේ ලක්ෂ 26 විදුලි බිල සනත් නිශාන්ත ගෙවයි

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් විදුලි බිලක් ගෙවීම ගැන තමා දැන ගත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් තමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව බව නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් ඊයේ (02) සනත් නිශාන්ත විසින් ගෙවන ලද බිල්පතක් ගැන සිදු කරන ලද විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පවසා සිටියේ තවමත් විදුලි බිලක් තමාගේ නමට ලැබී නොමැති හා තිබී නොමැති බවයි. සනත් නිශාන්ත අමාත්‍යවරයා විදුලි බලමණ්ඩලයට ගොස් විමසීමේදීද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට කිසිදු විදුලි බිල්පතක් නොමැති බවට තහවුරු වී ඇත.

නමුත් විවාහ මංගලෝත්සවයට අදාලව තිබූ බිල්පතක් සනත් නිශාන්ත විසින් ගෙවා දමා ඇති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. මෙහිදී සනත් නිශාන්ත අමාත්‍යවරයාද පවසා තිබුණේ ත්‍රස්තවාදය තුරන් කිරීම හා රට සංවර්ධනය කල විශිෂ්ඨ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවය හා කෘතගුණ පලකිරීමට මෙම බිල්පත ගෙවා දැමූ බවයි