― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි

අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 08කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එම නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්‍රදේශවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර හා කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, කලවාන, රත්නපුර, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත, කුරුවිට හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ අදියර දෙක යටතේයි.

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.