27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවසකට ඇතුළු වී කඩුවෙන් වැඩ පෙන්නූ SIට ඇප

නිවසකට ඇතුළු වී කඩුවෙන් වැඩ පෙන්නූ SIට ඇප

කඩුවක් රැගෙන නිවසකට ඇතුළු වී නිවෙස් හිමියන්ට තර්ජනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා ඊයේ (02) නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මන්නාරම පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්.

54 හැවිරිදි ඔහු ලෝකාහෙට්ටිය – පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ (02) පෙරවරුවේ කඩුවක්ද අතැතිව නිවසට ඇතුළු වූ මෙම උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට මරණීය තර්ජනය කළ බව ලෝකාහෙට්ටිය – පනාගමුව ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුවයි කටුපොත පොලීසිය විසින් සැකකරුව ඊයේ (02) දිනයේ දීම අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.