27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාස්කු ප්‍රහාරය ගැන කිසිම ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්නෑ

පාස්කු ප්‍රහාරය ගැන කිසිම ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්නෑ

පාස්කු ප්‍රහාරය පිළිබඳ කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජර්මන් ප්‍රවෘත්ති නාළිකාවක් වන DW news සමග පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිවේදකයා අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගත් බවයි විදෙස් මාද්‍ය වාර්තා කර තිබුණේ.

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ ඇමරිකානු FBI ඔත්තු සේවාව මෙම ප්‍රහාරය සඳහා වෙනත් පාර්ශ්වයක් සම්බන්ධ නැතැයි තහවුරු කර ඇති බවයි.

බටහිර මාධ්‍ය අනෙක් රටවල් දෙවන පන්තියේ ලා සලකන බවත් අනෙකා වැරදි යැයි සිතන බවත් එම පුරුද්දෙන් මිදිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.