22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිළිඳියගේ මරණයට සැකපිට තරුණ මව අත්අඩංගුවට

බිළිඳියගේ මරණයට සැකපිට තරුණ මව අත්අඩංගුවට

බිළිඳියක් ඝාතනය කළැයි සැකපිට 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරුබොක්ක පොලීසිය පැවසුවේ මාස හයයි දින 11ක් වයසැති සිය දියණියට පහර දී ඝාතනය කළැයි සැකපිට එම දැරියගේ මව අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක කටුවන ගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පසුගිය 30 වැනිදා දරුවා සෝදා පිරිසිදු කිරීමේදී නොසිතූ ආකාරයට හිස බිත්තියේ වැදුණු බව කියමින් මව එම සිඟිත්තිය රෝහල්ගත කර තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය මියයෑමෙන් පසු සැක සහිත මරණයක් ලෙස සලකා ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මව විසින් මෙම සිඟිත්තියට තදබල ලෙස පහර දීමක් සිදු කර ඇති බවයි.

ඒ අනුවයි ඇය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.