30.6 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවගේ අනියම් පෙම්වතා 13 හැවිරිදි දැරිය ගැබිණියක් කරලා

මවගේ අනියම් පෙම්වතා 13 හැවිරිදි දැරිය ගැබිණියක් කරලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් ඇයගේ මවගේ අනුදැනුම ද ඇතිව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අදාළ සැකකරු, දැරියගේ පියා රැකියාව කරනු ලබන ස්කැමල් රථයේ සහායකයා ලෙස සේවය කර ඇති අතර ඔහු දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් තිබෙනවා.

වසර තුනක පමණ කාලයක සිට මෙම අනියම් ඇසුර දෙදෙනා විසින් පවතවාගෙන ගොස් ඇති අතර ඒ අතරවාරයේ ඔහු ඇයගේ නිවසටද හොර රහසේ පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස පැමිණි අවස්ථාවක මවගේ අනුදැනුම මත සැකකරු විසින් දැරියව දූෂණය කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප ලබාදීමේ බලාපොරොත්තුවෙන් දූෂණයට ලක්වූ දැරියගේ මව පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

වින්දිත දැරිය ගල්ගමුව ප්‍රදේශයේ ළමා නිවාසයකට පරිවාස මඟින් යොමුකර ඇති අතර ඇය මේ වන විට මාස 05ක ගැබිණියක් බවට තොරතුරු වාර්තා වනවා.