― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිල්කෝ, හයිලන්ඩ් අමුල් සමාගමට විකිණීමට සැලසුම් - අනුර කුමාර

මිල්කෝ, හයිලන්ඩ් අමුල් සමාගමට විකිණීමට සැලසුම් – අනුර කුමාර

මිල්කෝ ආයතනය හා හයිලන්ඩ් සමාගමද ඇතුළුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් 31ක් ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (01) ජාතික ජන බලවේගයේ මාවනැල්ල ආසන සමුළුවේදී අදහස් දක්වමිනි.

“එන්.ඩී.බී. ආයතනයට අයිති, මැල්සිරිපුර ෆාම් එක, ආඬිගම ෆාම් එක, රිදියගම ගොවිපොළ, නාරම්මල ගොවිපොළ, පොළොන්නරුවෙ ගොවිපොළ, ආදී විශාල ගොවිපොළවල් 31ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට තිබෙනවා. එම ගොවිපොළවල් 31ම ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට සූදානම් වී ඉන්නවා. ඒ සහා කමිටු දෙකක් දමා තිබෙනවා. එක කමිටුවක් එම ගොවිපොළවල් අයත් භූමියේ සහ ගස්වල, එහි වගාවේ වටිනාකම තීරණය කිරීමටත්, දෙවන කමිටුව එම ගොවිපොළවල්වල සිටින සතුන්ගේ සහ ඒවායේ තිබෙන උපකරණවල වටිනාකම තීරණය කිරීමටත් යොදාගෙන තිබෙනවා. ඒ කමිටුවේ සිටින්නේ පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. ඔබ යෝගට් එකක්, කිරිපිටි ගත හොත් ‘හයිලන්ඩ්’ එක කෙරෙහි විශ්වාසය තබාගෙන සිටිනවා. ‘හයිලන්ඩ්’ එක ඉන්දියවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස්කර අවසන්. දැන් හුවමාරු කිරීම සහා සාකච්ඡා යමින් තිබෙනවා. මිල්කෝ ආයතනය අමූල් සමාගමට විකිණීමට කැබිනට් මණ්ඩලය අනුමත කර අවසන්.

අපේ රටේ ගොවිපොළවල් 31 අපි දන්නවා. අපිට ඒවායේ තත්වය ගැන සතුටු විය නොහැකියි. ඒවායේ සම්පත්වලින් වැඩි ඵලදායකත්වයක් ලබාගැනීමට එවා හොඳින්මෙහෙයවන්න හැකියාව තිබිය යුතු වෙනවා. මේ පාලකයෝ ඒවා කරන්නේ නැහැ. ඒවායේ වත්මන් තත්වය ගැන සතුටු විය නොහැකියි. හොඳම තාක්ෂණය ගෙනැවිත් ඒවා දියුණු කළ යුතුව තිබුණා. එහෙම නොකළේ මේ පාලකයෝ. ඒවා කඩා වට්ටලා, පාඩු කරලා, එයාලට විකිණීම තමයි අද උත්තරයකට තිබෙන්නේ. මෙය පරාජයට පත් කිරීමේ අත් නොහැරිය හැකි වගකිමක් තිබෙනවා. මේ විකිණීමත්, මේ පාලනයත් පරාජය කළ යුතුයි.”