27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 42ක හෂීස් තොගයක් ගුවන්තොටේදී අල්ලයි

මිලියන 42ක හෂීස් තොගයක් ගුවන්තොටේදී අල්ලයි

කටුනායක ගුවන් බඩු අංගනයෙන් රට තුළට ගෙන ඒමට තැත්කළ භාණ්ඩ අතර තිබී විෂ මත්ද්‍රව්‍ය සොයාගැනීමට රේගු නිලධාරීන්ට අද (03) හැකිව තිබෙනවා.

ඒ භාණ්ඩ පරීක්ෂා කිරීම ඔරුගොඩවත්ත භාණ්ඩ පරීක්ෂණ අංගනයේදී සිදුකළ බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මෙහිදී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 42ක් බවට ගණන් බලා තිබෙනවා.
ඉතාලියේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගට මෙරටට ඒවා ඇති අතර මෙරටට එහි හිමිකරු කවුරුන් ද යන්න තවමත් හඳුනාගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් ක්‍රියාත්මක කරනවා.