― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකන් වැටුප් වැඩිවීමත් නවතී

ශ්‍රී ලංකන් වැටුප් වැඩිවීමත් නවතී

පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් 08 ක් පමණ එකවර ප්‍රමාද වීම හේතුවෙන් එම සමාගමට සිදුවූ පාඩුව රුපියල් කෝටි 195 කට වැඩි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම ගුවන් ගමන් ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාවන් පිළිබඳ කරුණු විමසීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පාලන අධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමන්න්හ ඊයේ (02) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ මේ හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන්ට කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නොහැකි බවයි.

මෙම සමාගමේ ගුවන් මෙහෙයුම් සඳහා තිබෙන ගුවන් යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනකු පමණ සිටින අතර එක් ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනකු සේවයේ නිරත විය යුතුය.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ගුවන් නියමුවකු මසකට පැය 100ක කාලයක් පියාසර කළ යුතු වුවත් ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුළ ශ්‍රීලන්කන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60ක කාලයක් පමණක් බවය.

එක් ගුවන් නියමුවකු මසකට මෙම කාලය අවම වශයෙන් පැය 80 ක් හෝ පියාසර කළේ නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

කෙසේනමුත් ගුවන්යානාවල පැවැති තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාද වූ බවයි ගුවන් සමාගමේ ඉංජිනේරුවරුන් පවසා ඇත්තේ.