― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසපුගස්කන්ද ඝාතනයේ සැකකරුවන් පොලීසියට භාර වෙයි

සපුගස්කන්ද ඝාතනයේ සැකකරුවන් පොලීසියට භාර වෙයි

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු පොලිසිය භාර වීමෙන් අනතුරුවයි.

මේ සැකකරුවන් දෙදෙනා නීතිඥයින් සමග පොලිස් ස්ථානයට පැමිණ මෙසේ භාර වී තිබේ.

එසේ භාර වී ඇත්තේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සියඹලාපේ – දකුණ, මාහේන පාර ප්‍රදේශයේ පදිංචි බී.ජී.සුදීර (53) හා ඔහුගේ සගයා වන සියඹලාපේ – දකුණ, සමෘද්ධි මාවතේ පදිංචි ජී.ආර්. රෝහිත කුමාර (48) යන දෙදෙනායි.

මේ අතර ඝාතනය සිද්ධියට සම්බන්ධ මෝටර් රථයද නුවරඑළිය ප්‍රදේශයේ තිබී මහබාගේ පොලිසිය විසින් සොයා ගෙන එම මෝටර් රථයද සපුගස්කන්ද පොලිස් ස්ථානයට අද (02) පස්වරුවේ භාර දී තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ අංගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තමවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා නමැති 52 හැවිරිදි තිදරු මවකි.

මේ කාන්තාව ඉකුත් 27 වැනිදා උදැසන අංගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසින් වෙළෙඳසැලට යන බවට පවසා යාමෙන් පසුව අතුරුදහන් වී තිබේ.

නමුත් ඊට පසුදින (28 වැනිදා) පස්වරුවේ සියඹලාපේ – දකුණ ප්‍රදේශයේ වගුරු බිමක තිබී හිස හා අත්පා නැතිව මළ සිරුර හමුවූ අතර පසුව ඇයගේ ඥාතීන් විසින් එම මළ සිරුර හදුනාගනු ලැබීය.

මේ ඝාතනයෙන් පසුව ඇය සමග සමීප සම්බන්ධතාවක් පවත්වන ලද මෙම ප්‍රධාන සැකකරු අතුරුදහන් වී සිටි අතර ඔහුගේ සියඹලාපේ – දකුණ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසද වසා තිබිණි.

පසුව මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත එම නිවෙස පරික්ෂා කිරීමේදී නිවෙස පිටුපස කසල ගොඩක අර්ධ වශයෙන් පිළිස්සී තිබූ ලේ පැල්ලම් සහිත රෙදි කැබලි, තන පටයක කොටසක් හා හිසකෙස් දැවටුන කොණ්ඩ කට්ටක්ද සොයා ගන්නා ලදී.

මේ කාන්තා මළ සිරුර එම නිවෙසට කිලෝමීටරයක් පමණ දුරින් වූ වගුරු බිමක තිබියදී හමුව ඇති අතර මේ වනවිට මළ සිරුර රාගම මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.