30.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහායක පූජකවරයා කෝවිලේම අවසන් ගමන් යයි

සහායක පූජකවරයා කෝවිලේම අවසන් ගමන් යයි

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ සහායක පූජකවරයා ලෙස කටයුතු කළ 16 හැවිරිදි බාල වයස්කරුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

කෝවිලට අයත් තාවකාලික මඩුවක් තුළ අද (03) පෙරවරුවේ මොහු ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ ප්‍රධාන පූජකවරයා සමඟ එක්ව මොහු කාලයක සිට කොවිලේ පූජා කටයුතු සඳහා එක්වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

අද (03) උදෑසන ප්‍රධාන පූජකවරයා කෝවිලේ නොමැති අවස්ථාවේ මෙම බාලවයස්කාර සහායක පූජකවරයා කෝවිලේ තාවකාලිකව ඉදිකර ඇති මඩුවක බාල්කයේ එල්ලී මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.