27.2 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් කටුනායක ගුවන් ගමන් පමාවෙයි

අදත් කටුනායක ගුවන් ගමන් පමාවෙයි

කටුනායක ගුවන්තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10යි විනාඩි 27ක ප්‍රමාද වීමකට ලක් වී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 402 දරන ගුවන් යානය අද අලුයම 01.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

එහෙත් මෙම ගුවන් යානය පැය 10යි විනාඩි 27ක ප්‍රමාද වීමකින් පසුව අද දහවල් 11.37ට කටුනායක ගුවන්තොටුපොළෙන් බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට අද උදෑසන 10.40ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිව ප්‍රමාද වී තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු වීම හේතුවෙන්.