27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්

ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්

2023 ආසියානු ක්‍රීඩා උලෙළේ අර්ධ අවසන් පුර්ව පිරිමි ක්‍රිකට් තරගයෙන් ලකුණු 8ක ජයක් ඇෆ්ගනිස්ථානය හිමි කර ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ආරාධනා කළා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්වාර 18යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 116ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Noor Ali Zadran ලකුණු 50ක් රැස් කළ අතර Shahidullah ලකුණු 23ක් රැස්කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර කඩුලු 04ක් රැස් කළ අතර සහන් ආරච්චිගේ කඩුලු 02ක් රැස් කළහ.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 1ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 108ක් පමණි.