32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalචැනල් 4 එකට ඕන විදිහට අපිට නටන්න බෑ - මහින්ද

චැනල් 4 එකට ඕන විදිහට අපිට නටන්න බෑ – මහින්ද

චැනල් 4ට ඕන විදිහට අපිට නටන්න බැරි බවත් තමා කවදත් ඉන්නේ ජනතාවගේ පැත්තේ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

ජනාධිපතිතුමාගේ කතාව හොඳයි. ජනතාවත් මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක්. සමාජ මාධ්‍ය වාරණයට කවුරුත් අත උස්සන්නේ නෑ. චැනල් 4 එකට ඕනේ විදියට අපිට නටන්න බෑ. ජනතාව මේ වෙලාවේ අමාරුවෙන් ඉන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ ජනතාවට මේ වෙලාවේ පිහිට වෙන්න ඕනේ කියලා. අපි එදත් අදත් හෙටත් ඉන්නේ ජනතාවගේ පැත්තේ. රට පාලනය කරන්න ජනාධිපතිතුමා මගෙන් උපදෙස් ඉල්ලොවොත් දෙන්න පුළුවන්. ඉල්ලන්නේ නැතුව බලෙන් දෙන්න යන්න බෑනේ. විදුලි බිලත් සහනයක් දෙන්න අපි සාකච්ඡා කරගෙන යනවා.