26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentදෙදෙනෙක් රෝහලට යැවූ ත්‍රිරෝද රථ - දුම්රිය අනතුර

දෙදෙනෙක් රෝහලට යැවූ ත්‍රිරෝද රථ – දුම්රිය අනතුර

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද දහවල් මෙම ත්‍රී රෝද රථය ගැටී ඇත්තේ මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියක බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේ ගොඩබිම දෙස සිට මුහුදු බඩ දෙසට ත්‍රීරෝද රථය ගමන් කිරිමේදී අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල 4 දෙනෙකු ගමන්කර ඇති බව සඳහන්. තුවාල ලැබූවන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.