25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධනුෂ්ක ගුණතිලක ලංකාවට

ධනුෂ්ක ගුණතිලක ලංකාවට

ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටි අතර ඔවුන් (03) දින රාත්‍රී 10.55 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ගුවන් තොටුපොළේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක,

මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තූතියි. එසේම මෙම කාලය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වුණා. ඒවගේම මම ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සඳහා අවශ්‍ය පුහුණු වීම්වල නිරත වීමට කටයුතු කරනවා.”