28.9 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථ අනතුරකින් 06 දෙනෙක් රෝහලට

බස් රථ අනතුරකින් 06 දෙනෙක් රෝහලට

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදී ඊයේ (03) මුහුණට මුහුණ ගැටී තිබේ.

මෙම රිය අනතුර හේතුවෙන් තුවාල ලැබූ හය දෙනෙක් රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ ගමන්ගත් හය දෙනෙකු බවත් එහි රියදුරුද තුවාල ලැබූවන් අතර සිටින බවත් අප වාර්තාකරු පැවසීය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ලංගම බස් රථය යතුරුපැදියකට ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි.

ලංගම බස් රථයේ රියදුරු අනතුර සිදුවන මොහොතේ ප්‍රදේශයෙන් පලා විත් පසුව බේරුවල පොලීසියට භාරවී තිබේ.

තුවාලකරුවන් කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.