26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් මහේස්ත්‍රාත්ට එල්ල වූ බලපෑම් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් මහේස්ත්‍රාත්ට එල්ල වූ බලපෑම් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාට එල්ල වූ බව කියන තර්ජන සහ බලපෑම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සහ ඊට සම්බන්ධ පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (04) යාපනයේදී විරෝධතාවයක නිරත වී තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවන බාධා වහාම නතර කරන ලෙසට ද විරෝධතාවයේ නිරත පිරිස් ඉල්ලීම් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජනතා සන්ධානය, ප්ලොට් සංවිධානය, ටෙලෝ සංවිධානය, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ, යාපනය සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් විරෝධතාවයට එක්ව තිබෙනවා.

විරෝධතාවට එක්වූවන් එකිනෙකා අත්වැල් බැඳගෙන මානව දම්වැලක් ලෙසට කටයුතු කරමින් යාපනය මරදනාමඩම් සිට යාපනය දක්වා ගමන් ගනිමින් විරෝධතාවයේ නිරත වුණා.

මහේස්ත්‍රාත්වරයාට එල්ල වූ තර්ජන හා බලපෑම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සහ අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් නොකර ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් නීතිඥවරුන් ද ඊයේ (03) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවයක නිරත වී තිබුණා.

ඊට යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම හා මුලතිව් යන අධිකරණවල නීතිඥවරුන් සහ නීති සංගම් නියෝජිතයින් එක්ව සිටියා.

මුලතිව් කුරුදුමලෙයි විහාරය සම්බන්ධ ගැටළුව හා මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධ නඩුවිභාග රැසක් ටී. සරවනරාජා මුලතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ අවදියේ විභාගයට ගැණුනා.