― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළට

මෙරට උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළට

තරුණ යුවළක් දරුවෙක් බිහි නොකරන ප්‍රවණතාවක් මේ වකවානුව තුළ පවතින බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ තරුණ යුවළක් අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහි කිරීමේ ප්‍රතිශතය 2.1ක අගයක තිබිය යුතු නමුත් මේ වන විට එය 1.9ක් දක්වා පහළ බැස ඇති බවයි.

දැන් සිට ක්‍රියාත්මක වී දරු උපත් සංඛ්‍යාත්මකව වැඩි නොකළහොත් ඉදිරියේදී ලංකාවට විශාල ශ්‍රම හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් තවත් වසර හතර-පහකින් ආර්ථිකයේ වර්ධනයක් වුවත් මෙම ශ්‍රම හිඟයෙන් රට පීඩාවට පත්වනු ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

මීට වසර දහයකට පෙර දිනකට දරුවන් 1000ක් ඉපදුණා. එය වසරක අගය දළ වශයෙන් 350,000ක් ලෙස තිබුණ ත් මේ වන විට එය ලක්ෂ තුන දක්වා පහත බැස තිබෙනවා. සෑම වසරකදී ම අපේ රටේ උපත් 3,000ත් 5,000ත් අතර ප්‍රමාණයකින් අඩුවෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් තරුණ යුවළක් ඉදිරි අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහිකිරීමේ ප්‍රතිශතය 2.1ක තිබිය යුතු නමුත් අපේ රටේ එය 1.9ක් දක්වා බැහැලා. දෙදෙනෙක් ඒ දෙදෙනා වෙනුවෙන්වත් තව කෙනෙක් බිහි නොකරන තත්ත්වයක් දැන් තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේදී කළ දිරිගැන්වීම්වලින් එම අනුපාතය 2.0 දක්වා වැඩි වී ඇතත් නියමිත අනුපාතයට ළඟා වී නෑ.

අපේ රටේ මරණ අනුපාතය වැඩිවෙමින් තිබෙනවා. වයෝවෘද්ධ ජනගහනය වැඩි වී තිබීම මේකට හේතුවයි. ඊට ත් වඩා ලොකු ගැටලුව ජනගහන පිරමීඩය බැරල් හැඩයක් ගැනීමයි. මේ පිරමීඩයේ පහළින්ම තිබෙන්නේ වයස 1-9ත් අතර සිටින දරුවන් සංඛ්‍යාවයි. මේ වගේ පියවරෙන් පියවර වයස් කාණ්ඩවලට අයත් සංඛ්‍යා එහි තිබෙනවා. ඉහළින් ම තිබෙන්නේ 60ට වැඩි සංඛ්‍යාවයි. මේ සංඛ්‍යා පිරමීඩයක හැඩය තිබුණොත් ඒ රටේ ජනගහනය හොඳ මට්ටමක පවතින බවට සැලකෙනවා. ඒත් අපේ රටේ ජනගහන පිරමීඩයේ පහළම කොටස උපත් අඩු නිසා සිහින් වෙලා. ඒ වගේ ම වැඩි පිරිසක් සිටින්නේ වයෝවෘද්ධ අයයි. වයස 20-45ත් අතර පිරිස ශ්‍රම බළකාය ලෙස සැලකෙන අතර එය දරු උපත්වලට වඩා වැඩි අගයක තිබෙනවා.