― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentලොරි රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

ලොරි රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අඩි 50 ක් පමණ වූ ප්‍රපාතයකට පෙරලී තිබේ.

පොලීසිය පැවසිවේ එම ලොරි රථයේ ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනෙකු මස්කෙළිය සහ දික්ඔය මූලික රෝහල වෙත ඊයේ (03) රාත්‍රියේ ඇතුළත් කළ බවයි.

මස්කෙළිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ, මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරට පත් පිරිස හැටන් කාසල්රි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී ගමන් ගත් බස් රථය මස්කෙළිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයට ලක්වීම නිසා බස් රථයේ ගමන් ගත් පිරිස මස්කෙළිය නගරයෙන් කුලී පදනම මත කුඩා ලොරි රථයක් රැගෙන මස්කෙළිය බ්‍රවුන්ස්වික් වත්ත දක්වා ගමන් කරමින් සිටින අවස්ථාවේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොරි රථය තුළ 23 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් අතර කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සිටින බවයි ම්,අස්කෙළිය පොලීසිය පැවසුවේ.

තුවාල ලැබුවන් 04 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහලෙත්, බරපතල තත්ත්වයේ සිටි 17 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙතත් මාරු කර යවා තිබෙනවා.