32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅදත් දුම්රිය රැසක් අවලංගුයි

අදත් දුම්රිය රැසක් අවලංගුයි

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද (05) උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය විය හැකි බවත් ඊයේ දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර 78ක් අවලංගු කිරීමට සිදු වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

දුම්රිය නියාමකවරයකු සහ ආරක්ෂකයකු අතර දුම්වැටියක් සම්බන්ධයෙන් මතුවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඔවුන් ඊයේ (04) වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි අසීරුතාවට පත් වූහ.