29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආ එනවා.. ඇවිත් මගේ සාරිය ඇඳගන්නවා - ඩයනාට තද වෙයි

ආ එනවා.. ඇවිත් මගේ සාරිය ඇඳගන්නවා – ඩයනාට තද වෙයි

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තමන්ට පාර්ලිමේන්තුව තුළදී අසභ්‍ය වචනයෙන් බැනවැදුණු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය.

පාස්කු ප්‍රහාරය ගැන මම පාර්ලිමේන්තුවේ කතා කරපු වෙලාවේ සජබෙ මන්ත්‍රීතුමා හා මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා මට අසභ්‍ය වචනයක් කියමින් මේ පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වුවා. එදා මට බැල්ලි කියන වචනෙ පාවිච්චි කළා එතුමා. ඒ රෙකෝඩ් එක මගේ ළඟ තියෙනවා. මං ඒක කථානායකට දුන්නා විනය කමිටුවට දාන්න කියලා. පාර්ලිමේන්තුව තුළ කාන්තාවකට නිගා වෙන ආකාරකයට කතා කළ පළවෙනි වතාව මේක නෙවෙයි. මේකත් වාචික ලිංගික අතවරයක්. මං මේ කතා කරන්නේ සමස්ත කාන්තාවන් වෙනුවෙන්. අපි පුංචි කාලේ මේ වගේ අස්භ්‍ය කතා පාර්ලිමේන්තුවේ අහලා නෑ. කාන්තාවන්ට මෙහෙම නිගා කරනවා අහලා නෑ. නමුත් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කීපදෙනෙක් නිසා මුළු පාර්ලිමේන්තුව හෑල්ලු වෙලා තියෙන්නේ. මම ඉල්ලන්නේ මේ රටේ කාන්තාවන්ට මේ වගේ නිගා කරන අයව පාර්ලිමේන්තු යනවද නැද්ද කියලා ඔයාලා තීරණය කරන්න. තමන්ගේ බිරිඳට, මවට, දුවට කියන කතා මෙතන ඇවිත් පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාවන්ට කියන්න එපා. සජබෙ ඉන්න බණ්ඩාරලා කීපදෙනෙක්ටම කාන්තාවෝ එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නේ. මං මේක වෙනුවෙන් තනියෙන් සටන් කරන්න සූදානම්. ආ එනවා.. ඔය ඇඳුම ගලවලා ඇවිත් මගේ සාරිය ඇඳගන්නවා.”