25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාගයේ කාලසටහන හෙට

උසස් පෙළ විභාගයේ කාලසටහන හෙට

උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන හෙට දිනයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාළ කාලසටහන විභාග අපේක්ෂකයන්ට දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත එහෙත් මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ නව අයදුම්කරුවන්ට හෙට සිට දින 4ක කාලයක් තුල අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස්වරයා කියාසිටියේ.

2023 වර්ෂය සඳහා නියමිත උසස්පෙළ විභාගය සිසුන්ගේ ඉල්ලීම මත මෙන්ම ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි ජනවාරි 4 සිට 30 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

උසස් පෙළ විභාගය කල් යාම හමුවේ සාමාන්‍ය පෙළ විභාගය ද කල් යන බව ඔහු සඳහන් කළා.

උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේදීයි.

කෙසේවෙතත් උසස් පෙළ විභාගය ජනවාරි මාසයට කල් යාම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි අමිත් ජයසුන්දර කියා සිටියේ.

කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා. ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන ඉරිදා පැවැත්වීමට නියමිතයි.