32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWeatherගංවතුර අධි අවදානමක් ගැන රතු එළියක්

ගංවතුර අධි අවදානමක් ගැන රතු එළියක්

පවතින වර්ෂාපතනයත් සමඟ අත්තනගලු ඔය, ගිං, කළු හා නිල්වලා ගංගාවල ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඉදිරියේදී තවදුරටත් වැසි ඇති වුවහොත් අධි අවදානම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර පැවසුවේ.

පවතින අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක 7ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර ,මහනුවර, රත්තපුර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.