― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවසකට ගලක් පෙරලී අයෙක් ජීවිතක්ෂයට

නිවසකට ගලක් පෙරලී අයෙක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල වැලිවත්ත විජයානන්ද මාවතේ නිවසක් මතට අද (05) පෙරවරුවේ ගලක් පෙරලීමෙන් නිවසේ නිදා සිටි නිවෙස් හිමියා මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් නිවසටද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ විශ්‍රාමිකයෙක් වන 78 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනතුර සිදුවන විට ඔහුගේ බිරිඳ සහ පුතාද නිවසේ සිට තිබෙනවා.

මෙම පුද්ගලයා අද උදෑසන පිබිදී මුහුණ සෝදා, තේ පානය කර, යළිත් ඇඳෙහි වැතිර සිටියදී කාමරයට විශාල ගලක් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

ඒ සමගම මියගිය අයගේ පුත්‍රයා සහ අසල්වාසින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබුණද එහිදී මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඊ.ආර්.බන්දුල ගල පෙරලුන ස්ථානය නිරීක්ෂණය කර කියා සිටියේ එම ස්ථානයේ තිබෙන අනෙක් ගල්ද අනතුරුදායක බවයි.