27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් එක තාම දිලිසෙනවා

මහින්ද රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් එක තාම දිලිසෙනවා

මහින්ද රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් එක තාමත් දිලිසෙන බවත් අකමැති අයට ඒක නොපෙනෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසිය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ තිබ්බේ රාජ්‍ය ආයතන සුරක්ෂිත කිරීමේ ස්ථාවරයක. හැබැයි එදා සෞභාග්‍යයේ දැක්ම එළිදක්වපු වෙලාවෙ මුහුණ දුන් අභියෝගවලට නෙවෙයි අපි දැන් මුහුණදෙමින් ඉන්නේ. මේක ඊට හාත්පසින්ම වෙනස්. මහින්ද රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් එක ආයෙ අලුතින් පොලිෂ් කරන්න දෙයක් නෑ. ඒක කොහොමත් බ්‍රෑන්ඩ් එකක්. ඒක තාමත් දිලිසෙනවා. එයාට අකමැති අය කිහිපදෙනෙක් ඉන්නවා. ඒක ඒ අයට පේන්නේ නෑ.