27 C
Colombo
Friday, February 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලාංකිකයින් කොරියානු රැකියා සඳහා යෑම 44%කින් ඉහළට

ලාංකිකයින් කොරියානු රැකියා සඳහා යෑම 44%කින් ඉහළට

2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

එය පසුගිය වසරා හා සැසදීමේදී 44%කින් වර්ධනය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2022 වසරේ මුල් මාස 9 තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුව ඇත්තේ ශ්‍රී ලාංකිකයින් ගණන 3460ක් පමණි.

අමාත්‍ය මනුෂ නානායක්කාර නිල සංචාරයක් සඳහා පසුගියදා (03) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර එම සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවනි ඇති.