26.2 C
Colombo
Saturday, March 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWeatherවර්ෂාවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව ඉහළට

වර්ෂාවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව ඉහළට

අධික වැසි තත්ත්වයත් සමඟ පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 34,827ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව දිස්ත්‍රික්ක 12ක පවුල් 8,807කට අයත් පුද්ගලයන් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි.

ආපදා හේතුවෙන් නිවාස 691කට අර්ධ හානි සිදුවී ඇති අතර රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවෝ මෙලෙස ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.