― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළමුන් අතර හතිය වැඩිවෙයි

ළමුන් අතර හතිය වැඩිවෙයි

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

මේ වනවිට හතිය රෝගී තත්ත්වය ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බවත් ඊට අමතරව වෛරස් උණ රෝග තත්ත්වයක්ද පැතිර යන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

පවතින වර්ෂාපතනය සමඟම සමහර ප්‍රදේශවලට සීතල තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සමහර ප්‍රදේශවලට වැසි තත්ත්වය සමඟ ජලගැලීම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. විශේෂයෙන්ම ළමා හතිය වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව සීතල තත්ත්වය සමඟ ස්වසන මාර්ගයට ඇති වෙන වෛරස්වල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. ඊට සමගාමිව ළමා හතිය තවදුරටත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා එවැනි දරුවෝ වැඩිපුර වාර්තා වෙනවා. ජලගැලීම් තියෙන ප්‍රදේශවල දරුවන්ට පිරිසිදු ජලය සහ ආහාර ලැබුණේ නැත්නම් පාචනය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඊට අමතරව හතිය තියෙන දරුවන් ඒ ප්‍රතිකාර හරියට ලබාගන්න. ළමා හතිය වැඩිවෙන්න පුළුවන් ගෙවල්වල දුම්බොන තාත්තලා සීයලා ඉන්නවා නම්. ඊට අමතරව සමහර කෑමවලටත් ඇති වෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර ගන්න. එවිට රෝහල්ගත වීම අවම කරගන්න පුළුවන්.