27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSport2023 ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

2023 ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා. 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වීමට නියමිතව තිබේ. තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදීය.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ සහභාගීත්වය ද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් විය.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.