27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF දෙවන වාරිකය අනිවාරෙන්ම ලැබෙනවා - ශෙහාන්

IMF දෙවන වාරිකය අනිවාරෙන්ම ලැබෙනවා – ශෙහාන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මුදලේ දෙවන වාරිකය මෙරටට නොලැබීමේ කිසිදු අවදානමක් නොමැති බවත් එය අනිවාර්යෙන්ම මෙරටට ලැබෙන බවත් මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ මූල්‍ය අරමුදලේ යෝජනා අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඇතුළු සංශෝධන ගණනාවක් ඉදිරියේදී කිරීමට නියමිත බවත් ඒ සඳහා මිත්‍ර රටවල් ඇතුළු මිත්‍ර සංවිධාන තම රටට උදවු කරන බවත්ය.

රජයේ ආදායම් වැඩි කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක්කර සංශෝධන කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.