අද (06) උදෑසන සිට සියලු දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්වැටියක් මුල් කර ගනිමින් මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවයේ නියුතු උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහරදීමට විරෝධය පළකමින් නියාමකවරුන් පෙරේදා (04) ලෙඩ නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.
මේ හේතුවෙන් ඊයේ (05) ගමන් වාර 50කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වූ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ ඊයේ දහවල් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පැමිණි එකඟතාව මත වර්ජනය අවසන් කර තිබේ.