27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඹන්පොල වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

අඹන්පොල වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අඹන්පොල පොලීසිය පවසනවා.

අඹන්පොල – තිඹිරියාව ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ මහව, කැකුණාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

වෙඩි තැබීම සිදුකළ සැකකරුගේ නිවසේ ඊයේ (05) රාත්‍රීයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම සාදය පැවැත්වෙන අතර තුර දෙදෙනා අතර කිසියම් දෙයක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් හට ගෙන තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇහැටුවැව රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතියෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඇහැටුවැව පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.