29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇමති නසීර් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූලයි

ඇමති නසීර් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූලයි

අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, එස් තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2021 වසරේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීන්දු කර තිබිය දී එම තීන්දුවට පටහැනිව විසර්ජනය පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් පක්ෂය විනය කඩ කළේ යැයි චෝදනා කොට නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබුණා.

කිසිඳු පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නසීර් අහමඩ් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුවයි ‍ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.