23.4 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ලුපිටියේදී බසයක් මතට ගසක් කඩා වැටෙයි

කොල්ලුපිටියේදී බසයක් මතට ගසක් කඩා වැටෙයි

කොළඹ – කොල්ලුපිටිය ප්‍රදේශයේදී මගීන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් අද (06) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම අනතුරෙන් පුදගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කොළඹ සිට දෙණියාය බලා ධාවනය වූ ලංගම බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගය අවහිර වී මේ වනවිට රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව ද පොලීසිය පැවසුවා.