26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ලුපිටිය අනතුරෙන් මියගිය අයගේ පවුල්වලට ලක්ෂ 5ක වන්දියක්

කොල්ලුපිටිය අනතුරෙන් මියගිය අයගේ පවුල්වලට ලක්ෂ 5ක වන්දියක්

කොල්ලුපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී අද (06) උදෑසන ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ගැටළුවක් වී ඇති බව ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා.

ඒ, අනුව මියගිය පුද්ගලයින් පස්දෙනාගෙන් තිදෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම මෙලෙස ගැටළුවක් වී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර මියගිය අය වෙනුවෙන් එක අයෙකුට රුපියල් ලක්ෂ පහක මූල්‍යාධාරයක් රජය විසින් ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.