32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොළඹ ප්‍රහාර සැලසුම ගැන සජිත් පරීක්ෂණයක් ඉල්ලයි

කොළඹ ප්‍රහාර සැලසුම ගැන සජිත් පරීක්ෂණයක් ඉල්ලයි

කොළඹ ප්‍රධාන මර්මස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ අයිඑස් අයිඑස් සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (06) ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකාරයා කියා සිටියේ ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමට රජය පියවර ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා පියවර ගෙන සභාවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත්ය.

ඇතැම් වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමාත්‍යවරුන්ට සති හා මාස අවශ්‍ය වන බවට විපක්ෂය විරෝධය පළ කළේය.