29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරු දිනයට ගෙනා කේක් කෑ සිසුන් පිරිසක් රෝහලේ

ගුරු දිනයට ගෙනා කේක් කෑ සිසුන් පිරිසක් රෝහලේ

ගුරු දිනය සැමරීම වෙනුවෙන් පාසලට ගෙනවිත් තිබූ කේක් වර්ගයක් ආහාරයට ගෙන ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 09 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසු සිසුවියන් පිරිස අද (06) දහවල් 12.00ට පමණ වතුපිටිවල මූලික රෝහලට මෙලෙස ඇතුළත් කර තිබෙනවා.

අදට යෙදී ඇති ගුරු දිනය නිමිත්තෙන් පාසලට ගෙනවිත් තිබූ කේක් වර්ගයක් ගුරුවරුන්ට ද පිළිගන්වා පසුව ළමුන් පිරිසක් ද ඒවා ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම සිසු සිසුවියන්ට ආසාද්මිකතාවයක් හට ගැනීමෙන් අනතුරුවයි ඔවුන් රෝහල් ගතකර ඇත්තේ. රෝහල්ගත කර සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.

ඌරපොල ප්‍රදේශයේ වෙළඳසැලකින් පාසලේ ශිෂ්‍යාවන් විසින් අදාළ කේක් මිලදී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.