29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුෂි කරුණාරත්නට මහනුවරින් ඉඩමක්

තරුෂි කරුණාරත්නට මහනුවරින් ඉඩමක්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මහනුවර කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් එස්.ඩී නාගහතැන්න මහත්මියට උපදෙස් ලබාදී තිබෙනවා.

කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (06) කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී යි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව නිසැකවම ඔලිම්පික් පදක්කමක් ලබාගත හැකි ඉතා දක්ෂ පාසල් ක්‍රීඩිකාවක් බවයි. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ ළාබාලම ක්‍රිඩිකාව ලෙස තරග කරමින් වසර 21කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකරදීමට සමත් වූ ඇය වලල ඒ රත්නායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ආසියානු මළල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනා ගත් පළමු පාසල් ක්‍රීඩිකාව බව ද ප්‍රකාශ කෙරුණා.

අද පැවැති කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පසුගිය කාල සීමාවේදී සිදුකරන ලද සංවර්ධන වැඩසටහන්වල සහ ආයතනවල ප්‍රගතිය විමසා බැලීම, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් වූ ලිපි සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා ප්‍රගතිය විමසා බැලීම මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා කර තිබෙනවා.