30.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ඖෂධ කාණ්ඩ 08ක් භාවිතයෙන් ඉවතට

තවත් ඖෂධ කාණ්ඩ 08ක් භාවිතයෙන් ඉවතට

තවත් ඖෂධ කාණ්ඩ 08ක් සහ ශල්‍ය උපකරණ කිහිපයක් ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වීමෙන් පසු භාවිතයෙන් ඉවත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මේවා ප්‍රමිතියෙන් තොර බවයි.

මෙලෙස භාවිතයෙන් ඉවත් කරනු ලැබූ ඖෂධ වර්ග අටෙන් හතක්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර අනෙක් ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවක් විසිනි.

ඒවායේ ඖෂධීය රසායනික සංයෝගයක් නොමැති බවට තහවුරු වී ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සඳහන් කරයි.

පසුගිය මාස 10 තුළ ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග 09ක් සහ ශල්‍ය උපකරණ කිහිපයක්ම භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබුණි.